FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටියේ බස් රථයක් තුළ වෙඩි තැබීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) පෙරවරු 8.05 ට පමණ ඇල්පිටිය ප්‍රදේශයේ අටකොහොටේ බෝගහ වංගුව අසල දී ලංගම බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. 

අළුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් ගත් අදාළ බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් එම බස් රථයේ ගමන් කළ පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති අතර , බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

වයස අවුරුදු 41 ක් වන රංජිත් ජයවර්ධන නැමැති පුද්ගලයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි තැබීම සිදු කල සැකකරු පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.