FAST NEWS

24×7 Around the Globe

සත්වෝද්‍යාන සේවකයන් අද වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) දිනයේ සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව එම සමිති ප්‍රකාශ කරයි. 

තම සේවකයින්ගේ අතුරු දීමනාව සහ පැමිණිමේ දීමනාව ඉහළ දමන ලෙස වසරකට ආසන්න කාලයක් පටන් ඉල්ලීම් සිදුකරත් ඒවාට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බවත් සත්වෝද්‍යාන වෘත්තිය සමිති අවධාරණය කරයි.

එමෙන්ම , සංකේත වර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදි අඛණ්ඩ වර්ජනයක නිරත වන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.