(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 10.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
මෙම සාකච්චාවෙදී ඉදිරියේදී ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන්ද අවධානය යොමු කිරීමට නියමිතය.
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබාගත බවට පක්ෂ නායකයාට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ඇති බව වාර්තාවේ.








