FAST NEWS

24×7 Around the Globe

අකුරැස්සේදී පොලිසියට වෙඩි ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(06) අළුයම 1ට පමණ අකුරැස්ස, තිබ්බොටුවාව හංදිය අසල ප්‍රදේශයකදී සිදුකල වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් ගමන් කළ  සැකකටයුතු පුද්ගලයන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

රාත්‍රි යතුරුපැදි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු යතුරු පැදියක් නැවත්වීමට උත්සහ කර තිබේ.

එහෙත් ඔවුන් එම අණ නොතකා පළා යාමට උත්සහ කිරීමේදී පොලිසිය ඔවුන් ලුහුබැඳ ගොස් ඇත.

පසුව යතුරු පැදියේ සිටි පුද්ගලයෙකු විසින් පොලිසියට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිළධාරීන් දෙදෙනා මාතර මහරෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.