(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(06) දින රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පෙනී සිටිමට නියමිතව තිබේ.
මෙලෙස ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව වාර්තා වේ.
අදාල ගොඩනැඟිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙනයාම සඳහා ලබා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවට කොමිසමට කරුණු අනාවරණව වී ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කොමිසමට කැඳවන දෙවන අවස්ථාව මෙය වන අතර අදාල කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු කොමිසමට ලබා දීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇත.








