(ෆාස්ට් නිව්ස් | කොළඹ) -අද (05) දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට යොමුකර තිබූ ප්රශ්න 15ටම පිළිතුරු ලබාදීමට කිසිදු ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි බිමල් රත්නායක මහතා පැවැසුවේ අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වූ බවත් මේ හේතුවෙන් මන්ත්රිවරුන්ගේ අයිතිවාසකම් උල්ලංඝනය වී තිබෙන බවත්ය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ප්රමුඛත්වය ලබාදෙන්නැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට දන්වා තිබෙන පසුබිමකදී ඇමතිවරුන් මෙලෙස පැමිණ නොමැති බවයි.
ප්රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා සති දෙකක් හා මාසයක් වශයෙන් ඇමතිවරුන් දින ඉල්ලා ඇතැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.








