FAST NEWS

24×7 Around the Globe

සජින් වාස් ඇප මත මුදාහරී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(05) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව වූ අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

විත්තිකරු රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය.

නැවත නඩුව ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට නියම කෙරුණු අතර විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බවමහාධිකරණ විනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියේය.