(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් හදිසි ගං වතුර සහනාධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් බංග්ලාදේශයට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
පසුගිය ජූලි මාසයේ ඇති වූ ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඊට අනුමැතිය හිමිව ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.








