(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී දේවි නමින් නම් කල නව දුම්රියක් අද සිට කොළඹ සහ කංකසන්තුරේ අතර ධාවනයට කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
ශ්‍රී දේවි නගරාන්තර දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 3.55 ට ගමන් ආරම්භ කරන අතර රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතය.
පසුව එම දුම්රිය කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගා වන දිනට පසු දින අළුයම 3.45 ට නැවතත් කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.








