(ෆාස්ට් නිව්ස් | කොළඹ) -2019 ඔක්තෝබර් මස 10 දා සිට සෑම මසකම 10 වන දිනට අතුරුදන්වීම පිළිබඳ සහතිකය හිමි ප්‍රතිලාභීන් සඳහා සෘජු මුදල් තැන්පත් කිරීමක් මගින් රුපියල් 6000ක අතුරු සහනාධාරයක් ප්‍රධානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එසේම අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තා සැලකිල්ලට ගෙන බලපෑමට ලක්වූ පවුල් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත් සඳහා අතුරුදන්වීම පිළිබඳ සහතික ලබාදෙන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට නියෝග කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන් විසින් මේ සඳහා වන එකාබද්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.








