FAST NEWS

24×7 Around the Globe

අගමැති යළි දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තෙදින මාලදිවයින් නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය තුලදී මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර ගිවිසුම් 04 කට ද අත්සත් තැබීය.

අග්‍රාමාත්‍යවරයා එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීමට ද එක්විය.

ඊයේ (03) පැවති ඉන්දීය සාගර සමුලුවෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේද අග්‍රාමාත්‍යවරයා විසිනි.