FAST NEWS

24×7 Around the Globe

දුමින්ද අද ජනපති කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පෙරවරු 11.00 ට දුමින්ද දිසානායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව වාර්තා වෙයි. 

ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී එම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා මෙම කැදවීම සිදුකර ඇත.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන 11 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.