(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම – අරුවක්කාලු කසල අංගනය වෙත කසල ප්‍රවාහනය කෙරෙන ලොරිවලට හානි කිරීම සහ විරෝධතා දැක්වීම තහනම් කරමින් පුත්තලම දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අරුවක්කාලුවට කසල ගෙනයන ලොරිවල සිදුවන පහරදීම් සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනයි.
මෙම නියෝගයට අනුව අරුවක්කාලුවට කසල ප්‍රවාහනය කිරීමට එරෙහිව මින් ඉදිරියට ප්‍රධාන මාර්ග , දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා දැක්වීම තහනම් වෙයි.
මීට ඉහත අවස්ථා කිහිපයකදී අරුවක්කාලුවට කසල ගෙනයන ලොරිවලට ගල් ප්‍රහාර එල්ල වී තිබූ අතර ඊට සම්බන්ධ වූ සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.








