FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වය සමත් සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාරය 750 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන්ට රජයෙන් ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

එමෙන්ම , ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව සමතුන්ට 06 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා මාසිකව එම ශිෂ්‍යාධාරය හිමි වෙයි.

මේ දක්වා කාලය තුළ එම ශිෂ්‍යාධාරය රුපියල් 500ක් වූ අතර 750 දක්වා එය වැඩිකිරීමත් සමග රජයට වසරකට රුපියල් මිලියන 975 ක් ඒ සඳහා වැයවේ.