FAST NEWS

24×7 Around the Globe

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මෙරිල් පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ග‍්‍රන්ථ කතුවරයකු වන මෙරිල් පෙරේරා මහතා අද (03) අභාවප‍්‍රාප්ත විය.

ඒ මහතා මිය යනවිට 73 වන වියේ පසු විය.

1965 වර්ෂයේදී පුවත්පත් වාර්තාකරුවකු ලෙස ඔහු සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය.

දිවයිනේ විසි වසක්, ආයුබෝවන් ආමර්වීදිය, පැණි වළලූ, අතිරස, ආදරණීය තාත්තා යන ජනප‍්‍රිය කෘති රැසක් මෙරිල් පෙරේරා මහතා විසින් රචනා කර ඇත.

දේහය පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය පිරිවෙණ ඉදිරිපිට පිහිටි අංක 203 දරන නිවසේ තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේදී අනිද්දා (05) සවස 3.00 ට සිදුකිරීමට නියමිතය.