(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පළ කර ඇත.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගන්නා දිනය සහ ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති අතර, ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට වුවද කමිටුව සූදානම් බවයි එම කමිටුවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියේය.








