(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු සීසීටීවී කැමරා දර්ශන හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
පසුගිය අගෝස්තු මස 03 වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.








