FAST NEWS

24×7 Around the Globe

අරුවක්කාලු කසල ප්‍රවාහනයට අදත් විරෝධතා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහන කිරීමට විරෝධය පල කරමින් අද දිනයේද විරෝධතාවයක් පවත් වුණා.

පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය විසින් අද (03) අලුයම පුත්තලම නගරයේදී මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මෙම විරෝධතාවය සඳහා 500 කට ආසන්න පිරිසක් සහභාගීවී සිටි බව වාර්තා විය.

අලුයම පුත්තලම කලපු තිරයේ රැඳී සිටිමින් අරුවක්කාලුවට කසල රැගෙන යන ටිපර් රථවලට හු හඬ තබමින් ඔවුන් විරෝධය පළ කර තිබේ.

විරෝධතාවය හේතුවෙන් පුත්තලම කලපු තිරයට පොලිස්ථාන කිපයක නිලධාරින් කැඳවා තිබු අතර ඒ සමඟම කැරලි මර්දන පොලිස් කණ්ඩායම් පවා සිරුවෙන් තබා තිබුණි.

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල රැගෙන යමින් තිබු ටිපර් රථ සඳහා මුන්දලමේ සිට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණු අතර පසුව එම ආරක්‍ෂාව අරුවක්කාලු කසල අංගනය දක්වා ලබා දිමට කටයුතු කෙරුණු බව පොලීසිය පවසයි.