FAST NEWS

24×7 Around the Globe

පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව ඡුන්දය පැවැත්වීම සඳහා, සීමානිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සදහන් සීමා මායිම් ප්‍රකාශයට පත්කිරීමේ බලයක්, ජනාධිපතිවරයා සතු නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

අදාළ සංශෝධන පනත යටතේ ඡන්දය පැවැත්වීමට නොහැකි නම් ඊට පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ ඇති හැකියාව සම්බන්ධයෙනුයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණේ.