FAST NEWS

24×7 Around the Globe

උප්පැන්න සහතික නිකුත් කිරීම ජාත්‍යන්තර ආකෘතියට අනුව සිදුකිරීම අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) ප්‍රකාශ කළාය. 

ඒ , තෙවැනි වරටත් පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින්ය.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි ද වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවැසුවාය.

පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බව ද ඇය කීවාය.