FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්තවාදියාගේ මිහිදන් කර ඇති හිස කොටස යලිත් ගොඩ ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා මඩකලපුව සියෝන් දේවස්ථානය තුල මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ත්‍රස්තවාදියාගේ මිහිදන් කර ඇති හිස කොටස අධිකරණ නියෝගයකට අනුව අද(02) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රීක් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ යළි ගොඩගැනීමට නියමිතයි.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යළිත් වරක් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කළ අවස්ථාවේදි මිහිදන් කර ඇති හිස කොටස යළි ගොඩගෙන වෙනත් සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය.

සුදුසු ස්ථානයක් තීරණය කරන තුරු අදාළ හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව මහ රෝහලේ තැන්පත් කර තබන ලෙස එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.