FAST NEWS

24×7 Around the Globe

මේ මස 04 වැනිදා විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

මීට සමගාමීව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.