(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ඒ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබදව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහාය.
ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ(01) සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර ඇත.









