FAST NEWS

24×7 Around the Globe

ඊයේ රාත්‍රියේ දුම්රියන් දෙකක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –ඊයේ(01) රාත්‍රියේ දී පේරාදෙණියේදී දුම්රි දෙකක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පේරාදෙණිය හා පිළිමතලාව අතර 69 සැතපුම් කණුව අසලදී පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනයවූ දුම්රියේ ගැටීමෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.

කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පේරාදෙණිය හා පිළිමතලාව අතර 70 වන සැතපුම් කණුව අසලදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.