FAST NEWS

24×7 Around the Globe

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ දිනය ගැන අවසන් තීරණය අද (02)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (02) දිනයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවත් , ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග සාකච්ඡා කරන බවත් ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 

මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තුවන බවද ගාල්ල සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.