FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ කාරක සභා සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

මේ වන විටත් වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව කමිටු සාමාජිකයන්ගේ අදහස් හා නිර්දේශ ලබාගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැමිණෙන ලෙසට සිදුකර ඇති ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර එසේ ලබානොදුනහොත් කඩිනමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව බව වැඩි දුරටත් වාර්තා වේ.