(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 සඳහා වන තෙවන පාසල් වාරය ආරම්භ වීමට විය.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සදහා යොදාගන්නා පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වීමට නියමිතය.








