ජීනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වන සැසිවාරය ලබන සතියේ ආරම්භවීමට නියමිතව තිබේ.
ලබන 14 වනදා ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
මානුෂීය මෙහෙයුම අවසන් අදියරේදී මෙරට සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන 30 වනදා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වෙයි.
එම වාර්තාව පසුගිය මාර්තු මාසයේදී ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව එය ඉදිරිපත් කිරිම මෙවර සැසිවාරය දක්වා කල් දැමුණි.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළ අමෙරිකා එක්සත් ජනපදය මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාවට පක්ෂපාති යෝජනාවක් ඉදිරිපත් කිරිමට අපේක්ෂිතය.
පසුගියදා මෙරටට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීසා බිස්වාල් මහත්මිය ශ්‍රී ලංකාවට සහය පළ කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
මේ අතර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගිවන ශ්‍රී ලංකා නියෝජිත පිරිස දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතා සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.
විජයදාස රාජපක්ෂ මහතා අද දිවයිනෙන් පිටත්ව යන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ 05 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ද ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
ස්වාධින කණ්ඩායමක් ලෙස පිටත්ව යන එම කණ්ඩායම ශ්‍රී ලංකා රජයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පවත් වන ලෙස බල කරමින් අදාළ පාර්ශව වල සහය ලබා ගැනිමට අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජලිංගම් මහතා සඳහන් කළේය.
මේ අතර ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කළ යුතු බව ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරිමට අත්සන් ලබා ගැනිමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර ඊයේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම සිදු කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.