FAST NEWS

24×7 Around the Globe

යාල වනෝද්‍යානය වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (01) සිට ලබන මස 31 වැනිදා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මීට අමතරව , දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් හේතුවෙන් ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.