FAST NEWS

24×7 Around the Globe

පියාට මරු කැඳවූ පුතාගේ මඟුල් මුද්ද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්‍රයෙකු විසින් පහර දීමකින් පියා මිය යාමේ පුවතක් ආණමඩුව, පල්ලම පොලිස් වසමෙන් වාර්තා වේ.

මිට මාසයකට පමණක් පෙර විවාහ දිවියට ඇතුළුවූ සැකකරුගේ මගුල් මුද්ද දින කිහිපයකට පෙර අතුරුදහන්වී අතර පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී සිය පියා තම මගුල් මුද්ද රැගෙන උකස් කොට ලබාගත් මුදලින් මත්පැන් පානය කර ඇති බව දැනගෙන ඇත.

සිද්ධියෙන් කෝපයට පත් පුත්‍රයා අතින් පයින් පහරදීමේදී ඇතිවූ තුවාල හේතුවෙන් පියා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන අතර සැකකාර පුත්‍රයා පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.