පේදුරුතුඩුවෙන් යුධෝපකරණ තොගයක් සොයාගැනේ

පේදුරුතුඩුවෙන් යුධෝපකරණ තොගයක් සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පේදුරුතුඩුව – තුඩත්තන – නැගෙනහිර ප්‍රදේශයේ රජයේ ඉඩමක වළ දමා තිබියදී  යුද උපකරණ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ. 

මෙම උපකරණ තොගය යුද සමයේ සඟවා තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙහිදී , 2005 වර්ෂයේ නිෂ්පාදිත ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටර් උණ්ඩ 04 ක්, මිලිමීටර 40 වර්ගයේ ග්‍රේනේඞ් ලෝන්චර් උණ්ඩ 12 ක් සහ පැරාලයිට් 03 ක් මෙලෙස සොයාගෙන තිබේ.