FAST NEWS

24×7 Around the Globe

වාර්ෂික පෙරහැර මංගල්‍ය හේතුවෙන් වාද්දූව සහ සීනිගම විශේෂ රථවාහන සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වාද්දූව – තල්පිටිය දළදාවත්ත විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහර හේතුවෙන් අද (31) රාත්‍රී 8 සිට හෙට (01) අලුයම 1.30 දක්වා විශේෂ රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. 

මේ අනුව පෙරහැර ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ගමන් කරන අවස්ථාවේදී එම ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.

මේ අතර සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් අද සිට ලබන 03 වනදා දක්වා ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කෙරෙන අතර , ඒ අනුව අද පස්වරු 1.10 සිට පස්වරු 6.00 දක්වා රිය ධාවනය සීමා කිරීමට නියමිතය.