(ෆාස්ට් නිව්ස් | කොළඹ) -ඉන්දීය ජාතික විමර්ශන කාර්යාංශය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් තිදෙනෙකුට විමර්ශනයක් සඳහා පැමිණෙන ලෙසට දැන්වා ඇත.
මෙලෙස පිරිස හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ත්‍රස්ත කණ්ඩායමක් පිළිබඳ තොරතුරු හේතුවෙන් මේ දිනවල දකුණු ඉන්දියාවේ සිදු කෙරන සෝදිසි මෙහෙයුමක ප්‍රථීඵලයක් ලෙසටයි.








