FAST NEWS

24×7 Around the Globe

වෙන්නප්පුව එජාප මන්ත්‍රිනිය ලබන 06 දක්වා යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු සහ ඇගේ සොහොයුරිය ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

ඒ ඔවුන් අද (30) මාරවිල අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී අගෝස්තු 19 වනදා පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුව එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කටයුතු කිරීම හේතුවෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබීය.