FAST NEWS

24×7 Around the Globe

අරුවක්කාළු කසල ප්‍රවාහන ලොරියකට අද අළුයම තවත් ගල් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -අද (30) අළුයම 1.00 ට පමණ වනාතවිල්ලුව ප්‍රදේශයේදී අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මීට පෙර පුත්තලම ප්‍රදේශයේදී අරුවක්කාළු කසල අංගනය දක්වා කසල ප්‍රවාහනය කරන ලොරි වලට අවස්ථා කීපයකදීම ගල් ප්‍රහාරයන් එල්ල විය.

මෙලෙස ලොරි රථ වලට ආරක්ෂාව සපයමින් ගමන් කල පොලිස් ජීප් රථයක්ද එක් අවස්ථාවක ගල් ප්‍රහාරයකට ලක් විය.

මුල් සිද්ධීන් හා සම්බන්ධ සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද අතර වනාතවිල්ලු සිද්ධිය සම්බන්ධ සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශණ වනාතවිල්ලුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.