FAST NEWS

24×7 Around the Globe

කළු සහ ගිං ගඟ පිටාර මට්ටමට – ගංවතුර පිළිබද අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. 

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල කියා සිටියාය.

මේ අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ද මේ වන විට අධික වැසි ලැබෙමින් ඇති අතර, ගිං ගඟේ ජල මට්ටම තවලම ප්‍රදේශයෙන් පිටර මට්ටමට ආසන්න වී තිබේ.

කැලණි ගඟේ පිටාර ජල මට්ටම කිතුල්ගල හා දැරණියගල ආශ්‍රිත ප්‍රදේශවල ආසන්න වී ඇති අතර, ග්ලෙන්කොස් ප්‍රදේශයෙන් ද ඉදිරි පැය කීපය තුළ ජල මට්ටම ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

එමෙන්ම, ඉදිරි පැය කිපිය තුළත් ඉහත ප්‍රදේශ ආශ්‍රිතව පැවතුන හොත් ගංගා ඊට සම්බන්ධ අතු ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවට ගං වතුර තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට විශේෂ දැනුම් දීමක් සිදුකරයි.