FAST NEWS

24×7 Around the Globe

මරගල කන්ද රක්ෂිතය පස් වන වරටත් ගිනි ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ(29) පස්වරුවේ මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද මැදිහත්වීම සිදු බවට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 52,000 ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ද ආරම්භ කර ඇත.

පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් 05 වැනි ගින්න මෙය බව වැඩිදුරටත් වාර්තා වෙයි.