(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඒ විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙනි.
පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙලෙස විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර මන්ත්‍රිවරයෙක් ලෙස තේරී පත් වුණි.








