(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එජාපයේ ජ්‍යෙෂ්ඨයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු ඊයේ දිනයේදී සම්පූර්ණයෙන්ම අවසන්වී ඇති අතර , එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂවල නායකයන්ගේ අනුමැතිය ඊට හිමිවූ බවත් සදහන් වේ.
නව සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහාද කමිටුවක් පත් කර ඇත.
එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටයි.








