FAST NEWS

24×7 Around the Globe

ලොරියක් පිටුපසට ගැනීමේදී දුම්රියක ගැටී 07 කට තුවාල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

වැල්ලවත්-දෙහිවල දුම්රිය මාර්ගයේ දී අද (29) පස්වරුවේ ගඩොල් පටවන ලද ලොරියක් පිටුපසට ගැනීමේදී සිදුවූ අනතුරකින් දුම්රිය දොරටුවේ පැමිණි මගීන් සත් දෙනෙකු තුවාල ලබා ඇත. 

අනතුරින් තුවාල ලැබූ මගීන් කඩිනමින්  රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.