FAST NEWS

24×7 Around the Globe

දිනකට අධික කාලයක් මුහුදු ගමන අවදානමක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට(30) උදෑසන 6 සිට අනිද්දා (31 ) උදෑසන 8 දක්වා පැය 26 කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නයි සියලු ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මන්නාරම සිට පුත්තලම,කොළඹ,මාතර,හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් සඳහා සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70-80 ත් අතර දක්වා වු රළු ස්වභාවයක් ගනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

දිවයින වටා මුහුදු තීරයන්වල මෙම තත්ත්වය පැවතිය හැකි අතර මේ හේතුවෙන් ඉහත සඳහන් ප්‍රදේශ ඉතාමත් රළු ස්වභාවයක් ගන්නා අතර, සෙසු මුහුදු ප්‍රදේශ ද පැයට කිලෝමීටර 60-70 දක්වා රළු විය හැකිය.

ඒ හේතුවෙන් ප්‍රදේශයන්වල සිටින ධීවර හා නාවික ප්‍රජාවන්ට මුහුදු නොයන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තරයේ ප්‍රකාශ කර සිටියි.