FAST NEWS

24×7 Around the Globe

පුල්මුඩේ මුහුදු තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද පෙරවරුවේ ත්‍රිකුණාමලය – පුල්මුඩේ මුහුදු තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. 

සැක කටයුතු මෙම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එහි සිටි ධීවරයින් සිව් දෙනා පලායාමට උත්සාහ කර ඇති අතර , ඉන් පසුව අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ඇත.

මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් 04 දෙනා වැඩිදුර පරීක්ෂණ සදහා කුච්චවේලි පොලීසියට භාරදීමට කටයුකු කර ඇත.