FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායකට දෙසතියක් ඇතුළත CIDය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අද සිට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.  


මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අසම්පූර්ණ ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඉන් පසුව යළි කැඳවීම් සිදුකළද ඔහු ප්‍රකාශ ලබාදීම සඳහා නොපැමිණි බවත්ය.

මේ හේතුවෙන් අදාළ විමර්ශන අවසන් කිරීමේ හැකියාවක් නොමැති බවද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.