(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුලතිව් ප්රදේශවාසීන් අද(28) මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිණ.
මහවැලි සංවර්ධනය මුවාවෙන් මහවැලි එල් කලාපය යටතේ පවතින මුලතිව් දෙමළ ජනතාවගේ ඉඩම්වල ජනාවාස ඉදිකිරීම වෙනුවෙන් ලබාදීමට එරෙහිව ඉල්ලා එම විරෝධතාවය පැවැත්විණි.
රජය මුලතිව් දෙමළ ජනතාවගේ පාරම්පරික වගා ඉඩම් පැවති කොට්ටෙක්කේනි, කුංචුක්කාල්වේලි, තීමුන්දල්, වෙල්ලෙක්කල්ලඩි ආදි ප්රදේශයන්ගේ ඉඩම් ජනාවාස බිහිකිරීම වෙනුවෙන් පවරා ගනිමින් සිටින බව විරෝධතාවයට එක්වූවන් පවසන ලදී.
මේ සඳහා දෙමළ සන්ධාන දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර විරෝධතාකරුවන් විසින් ඉඩම් අයිතිය ඉල්ලා සකස් කළ සංදේශය මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙත බාරදීමෙන් පසුව විරෝධතාව අවසන් කෙරිණි.








