(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (27) රාත්රීයේ දී අවිස්සාවේල්ල පොලීසිය මගින් පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවිස්සාවේල්ල නගරයේ නිවසක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් හැටන්, කඩුවෙල, කොස්ගම, ගැටහැත්ත, අවිස්සාවේල්ල යන ප්රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මෙහිදි කැණීම් සඳහා උපයෝගී කර ගත් උදළු කීපයක් යකඩයක් හා වතුර මෝටරයක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් අද (28) අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.








