(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට ලබන නොවැම්බර් මාසය වනවිට ශ්රී ලංකාවේ අධීවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝ මීටර් 105 ක් අලුතින් එක්වීමට නියමිතව ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසත්, කඩවත සිට කෙරවලපිටිය දක්වා අධිවේගී මාර්ගයත් මීට ඇතුළත් වේ.
එහි රන්න සිට මත්තල දක්වා කොටස ලබන මස අගදී සහ අපරැක්ක සහ රන්න අතර කොටස ඔක්තෝම්බර් මාසයේදීත් විවෘත කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් පවසයි.
කඩවත සිට කෙරවළපිටිය දක්වා අධිවේගී මාර්ගය ද ඔක්තෝම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත.








