FAST NEWS

24×7 Around the Globe

අන්තරේ විරෝධතා පාගමනට පොලිසියෙන් කඳුළු ගෑස් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට කොටුව ලෝටස් මංසන්ධියේදී පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මරදාන ටෙක්නිකල් මංසන්දිය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරන ලෙස සහ තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන අද පස්වරුවේ ආරම්භ වූයේ මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන්.