FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නාමය සංශෝදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

අදාළ නාමය සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ පූර්ණ බලතල පැවරී තිබේ.