(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සැප්තැම්බර් මස 2 වන සදුදා දිනයේ සෙසු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය ආරම්භ වීමට නියමිතයි.
පාසල් 12 ක් මේ සඳහා පූර්ණ වශයෙන් යොදා ගැනෙණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙලෙස ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය , නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල් නම් කර ඇත.








