(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 42,000ක් පමණ වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ නිරිත් දිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
තෙවන පාසල් වාරය ආරම්භ වන ලබන 2 වනදා ට පෙර පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ඒ අනුව හෙට සහ අනිද්දා දින වල සියලු පාසල් ආශ්‍රිතව ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවාය.









